Life
වියපත් පෙනුම සහ ලෙඩ රෝග ඇති කරන ආතතිය
''බලන්නකො එයා ඔය ඉක්මනට වයසට ගිහිල්ලා තියෙන හැටි. ගිය අවුරුද්දෙ අපි
යන කොට කොණ්ඩෙ පැහිලවත් තිබුණෙ නෑ නේද? දැන් කොණ්ඩෙ පැහිලා ඇඟ රැලි
වැටිලා. මොකද නැන්දට වෙලා තියෙන්නේ? අසනීපයක්වද්ද? මෙවැනි කතා ඔබ නිතර
අහනවා නොවෙද? හිටිගමන් ම පෙනුමින් වයසට යාම. හිටිගමන් හෘදයාබාධ ඇති වීම.
හොඳට හිටි මිනිස්සු බොන්න පටන් ගැනීම. සරුවට ව්‍යාපාර කළ අයගේ ව්‍යාපාර
බංකොලොත් වීම. මේවට මූලිකම හේතුව ආතතියයි. අද සමාජය ගත් විට ඔබේ කාර්යාලයේ
ගෙදර මඟ තොටදී මට හරි ස්ට්‍රෙස් කියන අය ඕනෑ තරම් හමු වීS ඇත. මොකක්ද මේ
ස්ට්‍රෙස් නැතිනම් ආතතිය කියන්නේ? කොහොමද ආතිතය අඩු කර ගන්නේ? ආතතිය
වැඩි වුණොත් මොකද වෙන්නේ? අද වෛද්‍ය හමුව තුළින් අපි ඒ සම්බන්ධව කතා කිරීමට
අදහස් කළෙමු.
වෛද්‍යතුමනි අද සමාජයේ හැමෝම වගේ කියන දෙයක් වන්නේ මට හරි sඑරුssග මොකක්ද මේ ස්ට්‍රෙස් නැතිනම් ආතිතය කියන්නේ?
ආතතිය
කියන්නේ මීතොටමුල්ලේ කුණු කන්ද ළඟ පොළවට වුණා වගේ දෙයක්. යම් බරක් උසුලා
ගෙන සිටීමට තරම් අධික වන විට එම බර දරා ගෙන සිටි පොළව ගිලා බහිනවා වගේ අපේ
මනසත් කඩා වැටෙනවා. ජීවිතයේ අපි නොයෙක් විදියේ ආතතිවලට භාජනය වෙනවා. එය
වැළැක්විය නොහැකියි. නමුත් දරා ගත නොහැකි ආතතියක් ඇති වුණොත් අපේ මනසත් ඒ
විදියට ගිලා බසිනවා. ඒ අනුව නොයෙක් මානසික සහ ශාරීරික ලක්ෂණ ඇති වෙනවා.
මේ විදියට ආතතියට පත් වන්නේ මිනිස්සුන් විතරද?
නැහැ
නැහැ. සියලු ජීවී සහ අජිවී වස්තූන්වලට ආතතිය ඇති වෙනවා. උදාහරණ විදියට
මීතොටමුල්ල පොළව වගේ අජීවි වස්තුවලටත් ඇති වෙනවා. ඔය පාරවල් කැඩෙන්නේ,
පාලම් කැඩෙන්නේ, වාහන අධිවේගී මාර්ගයේ ගිනි ගන්නේ මේ දරා ගත නොහැකි ආතතිය
නිසයි. ඒ වගේම සතුන්ටත් පැළෑටිවලටත් ආතතිය ඇති වෙනවා. හොඳට බලන්න ඔය වියළි
කලාපයේ ගස් දෙස. ඒවා මිටියි, වැවෙන්නේ බොහොම අසීරුවෙන්. වායු දූෂණයෙන්
වැඩි පාර දෙපස ඇති ගස් දෙස බලන්න. ඒවා හරියට වැවෙන්නේ නැහැ. ඒ ආතතිය නිසා.
සතුන්ගේ නම් ආතතියට මුහුණ දීමේදී ප්‍රධාන මූලික ලක්ෂණයක් තිබෙනවා.
එනම්
සටන් කිරීම හෝ පැන යාම. එය (සෙටයඑ දර කෙසටයඑ) ප්‍රතික්‍රියාව ලෙස
හඳුන්වනවා. බලන්න ඕනෑම සතෙක් තර්ජනයක් ඇති වුණාම එක්කෝ පැනලා යනවා.
නැතිනම් සටන් කරනවා. සතුන් ආතති වලට මුහුණ දෙන්නේ ඒ විදියටයි.
මිනිසා මීට වෙනස් නොවේද? අපි දුවන්නෙත් නෑ සටන් කරන්නෙත් නෑ?
හරියට
හරි. අපි බොහෝ අවස්ථාවල දාලා දුවන්නෙත් නැහැ. සටන් කරන්නෙත් නැහැ. කොහොම
හරි මුහුණ දෙන්න හදනවා. දරා ගන්න නොහැකිව මානසිකව කඩා වැටෙන්න බලන්නේ
එවිටයි.
අපි මුහුණ දෙන ආතති දැන් වැඩිද?
ඔව්. සමාජයක්
සංකිර්ණ වෙන්න වෙන්න ආතතිය වැඩි වෙනවා. එයට හේතුව මෙයයි. අපි අර සත්තු වගේ
මුහුණ දෙන්නේ ක්ෂණික තර්ජන පමණක් නොවෙයි. අපේ ක්ෂණික තර්ජනවලට වඩා අපි
මුහුණ දෙන්නේ අපේ හිතේ මවා ගත් තර්ජනවලටයි. උදාහරණ - විභාග, ප්‍රේම
සම්බන්ධකම්, විවාහ, රැකියා, ශාරීරික රෝග, ව්‍යාපාර, මුදල් වැනි මෙවැනි
නොයෙක් දේවල් ගැන නිතර හිතෙන් කරදර විඳිනවා. මේ ගැන දැන ගන්න ලෙහෙසිම
විදිය වන්නේ සති අන්තයේ පුවත්පත්වල දැන්වීම් කියවා බලන්න. වැඩියෙන්ම
තිබෙන්නේ මේ කියපු දේවල්වලට කරන්න පුළුවන් දේවල් ගැන නොවේද? සාමාන්‍ය ජනතාව
කෙතරම් ආතතියකින් පෙළෙනවාද යන්න එයින් පෙනෙනවා. අර ක්ෂණික තර්ජන වගේ
නොවෙයි. මෙවැනි ආතති වලින් බේරෙන්න බැහැ. අවදි වෙලා ඉන්න කල් අපි මේවා ගැන
කල්පනා කරනවා.
මෙහෙම ආතතියට පත් වී සිටීමෙන් ඇති වන බලපෑම මොකක්ද?
ආතතිය
බලපාන්නේ අර මා කලින් සඳහන් කළ විදියට තර්ජනයක් ද එසේ නැතිනම් දීර්ඝකාලීන
ආතතියක් ද යන්න මතයි. ක්ෂණික තර්ජන වලින් අපිට දරා ගත නොහැකි ආතතියක්
ඇති වුවහොත් මානසික අවපීඩනය හෙවත් විශාදය, ඡඔSD (ඡදිඑ ඔර්මප්එසජ Sඑරුss
Dසිදරාeර) වැනි රෝග හැදෙන්න පුලුවන්. ඡඔSD යනු මරණ තර්ජනයක්, එසේ නැතිනම්
දූෂණය වීමක් වැනි බිහිසුණු දෙයකට මුහුණ දීමට සිදු වුවහොත් එමගින් ඇති වූ
කම්පනයටයි. ඔවුන්ට අර සිදු වූ දෙය අමතක කරන්න බැරි වෙනවා. නිතර මතක්
වෙනවා. මතක් වන ගානේ අර එදා සිදු වුණු මානසික සහ ශාරීරික වෙනස්කම් ඇති
වෙනවා. එනම් බය, හුස්ම ගන්න බැරිවීම, ක්ලාන්තය, වෙව්ලීම වැනි දේවල්. ඒ
වගේම මොවුන්ට සාමාන්‍ය ජීවිතය කර ගෙන යාම අසීරු වෙනවා. ශිෂ්‍යයෙක් නම්
විභාග අසමත් වෙනවා. රැකියාවක නිරත අයෙක් නම් රැකියාව කර ගන්න බැරි වෙනවා.
ගෘහණියක් නම් දරුවන් පවා බලා ගැනීම ගේ දොර වැඩ පවා අසීරු වෙනවා. නිතර තරහ
යනවා.
දෙවැනි ආතති වර්ගය වන්නේ නිධන්ගත ආතතිය (ජයරදබසජ sඑරුss) යි.
එනම් හැමදාම මුහුණදීමට සිදු වී තිබෙන ආතතියයි. අධිකව වැඩ රාජකාරී නියම කරන
ප්‍රධානියන් යටතේ වැඩ කිරීම, අප්‍රසන්න විවාහයක් සිදුවීම, අසහනකාරී පවුල්
ජීවිතයක් ගෙන යාම වැනි දේවල් නිධන්ගත ආතතිය (ජයරදබසජ sඑරුss) ලෙස
හැඳින්විය හැකියි. මෙවැනි දේවල්වලින් බොහෝ දීර්ඝකාලීන ප්‍රතිඵල ඇති වෙනවා.
නිධන්ගත ආතතිය නිසා අපේ ඩී. එන්. ඒ. පවා වියපත් වන බව අලුත්ම පර්යේෂණ වලින්
දැන් සොයා ගෙන තිබෙනවා. ශාරීරික වශයෙන් කොණ්ඩේ ඉදෙනවා, කොණ්ඩේ යනවා,
නිතර හිස කැක්කුම් ඇති වෙනවා, හෘදයාබාධ ඇති වෙනවා, ඇදුම, බඩේ තුවාල,
කොන්දේ රුදාව, හන්දි කැක්කුම් වැනි දේවල් ඇති වෙනවා. ඒ වගේම නින්ද නොයාම,
ශාරීරික තරබාරුකම, දියවැඩියාව රුධිර පීඩනය, ඇති වීම වැනි දේවල් ද ආතතියට
සම්බන්ධයි. මානසික රෝග ගතහොත් මානසික අවපීඩනය , කාංසාව වැනි රෝග ඇති වෙනවා.
ඒ වගේම මත්පැන් aකජදයදක aඉමිeල දුම්පානය වැනි දේවල්වලට ඇබ්බැහි වෙනවා.
එනම් අද සමාජයේ දකින බොහෝ රෝග වලට මුල ආතතියයි.
ඒ කියන්නේ වෛද්‍යතුමනි අද සමාජයේ ආතතිය නැති කෙනෙක් නැහැ වගේම ආතතිය ලෙඩ රෝගවලටත් හේතුවක්?
ඔව්. ඇත්ත එයයි
එම ආතතිවලට මුහුණ දෙන්නේ කොහොමද?
වැදගත්
දේ එයයි. අපි රැකියාවක් සොයා ගන්නා විට, යම් පාඨමාලාවක් කිරීමට පටන් ගත්
විට, විවාහයක් කරගන්නා විට, ඒවායින් ඇති වන ආතතිය පාලනය කර ගන්නේ කොහොමද
කියලාත් අපි කල්පනා කළ යුතුයි. එසේ නැතිව අන්ධ විදියට ඒවාට බහින්න එපා.
පළමුවැනි දේ වන්නේ මුහුණ දෙන තත්ත්වය ගැන ස්වයං කතිකාවක් ඇති කර ගන්න.
නිකම්ම මට sඑරුss කියා කියන්න එපා. එය යථාර්ථවාදීව විග්රහ කරන්න.
උදාහරණයක් වශයෙන් ඔබ පැය අටකට වඩා සේවය කරන්නේ නම් තමා තමාටම කියා ගන්න මම
දැන් අවුරුද්දක් තිස්සේ දවසකට පැය 10 ට වඩා වැඩ කරලා තියෙනවා. එය අඩු කර
ගැනීමට ඕනෑ කියලා. එසේ කොට එය අඩු කර ගැනීමට පියවරක් ගන්න. අතිකාල පැය
සීමා කර ගන්න උත්සහ කරන්න. එසේ සීමා කරන්න නොහැකි නම් වෙනත් රැකියාවක්
සොයා ගන්න හෝ වෙනත් අංශයකට මාරු වෙන්න. ඔබ සැමියා ඔබට ගෙදර නඩතත්=වට මුදල්
දෙන්නේ නැතිනම්, ඒ ගැන ඔහු සමඟ කතා කරන්න. බිල් පෙන්වන්න. එසේ නැති නම් එම
භාණ්ඩ ගෙන ඒම බිල්පත් ගෙවීම ඔහුට භාර දෙන්න. එවිට ආතතිය අඩු කර ගන්න
පුලුවනි. ඒ වගේම තමන්ගේ හැඟීම් ගැන කල්පනාවෙන් ඉන්න. මම දැන් තරහෙන් ඉන්නේ
මට මේ ගැන දුකයි බයයි වගේ දේවල් ගැන ස්වයං කථනයක යෙදෙන්න.
මීට අමතරව අපිට කරන්න පුළුවන් මොනවද?
තමන්ගේ
ආතතියට හේතු සොයා පිළියම් සොයනවා වගේම වැදගත් දේවල් වන්නේ තමන්ටම යෑයි
කියා වෙලාවක් තබා ගැනීමයි. එම වෙලාව තුළ ව්‍යායාම කරන්න. තමන් ආස කරන
දෙයක් කරන්න. උදාහරණයක් වශයෙන් පොතක් කියවීම, සංගීතයට සවන්දීම සංගීත
භාණ්ඩයක් වාදනය කිරීම වැනි දෙයක නිරත වන්න. ඒ වගේම භාවනා කිරීම,
සැහැල්ලුවෙන් හුස්ම ගැනීම වැනි දේවල් මඟින් ද ආතතිය අඩු කර ගත හැකියි.
තවත් වැදගත් දෙයක් වන්නේ කිට්ටු මිත්‍රයන් සමඟ කතා කරන්න. ප්‍රශ්න තිබෙන
විට සාකච්ඡා කරන්න.
ඒ වගේ නොකළ යුතු දේවලුත් තිබෙනවාද?
ඔව්. එනම් ආතතිය අඩු කර ගන්න කියා මත් පැන් පානය කරන්න එපා. දුම් බොන්න එපා.
මේ සියලු දේවල් කළත් ප්‍රතිඵල නොලැබුණොත්?
එසේ නම් සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඔබට වෛද්‍ය ප්‍රතිකාර කළ යුතු විශාදය වැනි රෝගයක් තිබිය හැකියි.
මේ පිළිබඳව වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 081-2232928 හෝ 081-4481457 අමතන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks